DELIVERY ASSISTANT

Urgent
Application ends: July 5, 2025
Apply Now

Apply for this job

Upload CV (doc, docx, pdf)

Job Description

(DELIVERY ASSISTANT)

Pure Ceylon Beverage (Pvt) Ltd යනු ශ්‍රී ලාංකේය ශක්ති ජනක පානය කර්මාන්තයේ ප්‍රමුඛතමයෙක් වන අතර, උසස් තත්ත්වයේ නිෂ්පාදන වර්ග සැකසීමට කැපවී සිටින ආයතනයකි. දැනට, අප සමාගම බෙදා හැරීමේ සහයකයෙකු ලෙස අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට කැමැත්තක් සහ පළපුරුද්දක් ඇති පුද්ගලයන් සොයමින් සිටිමු.

වගකීම්:

ගබඩාවෙන් සහ බෙදා හැරීමේ වාහන වලින් තොග පැටවීම සහ බෑම ( loading and unloading) සිදු කළ යුතුය.

රථයේ පටවා ඇති භාණ්ඩ අලෙවිසැල් වෙත ලබා දෙන තෙක් වගකීම බාර ගත යුතුය.

භාණ්ඩ බෙදා හැරීමේදී නිවැරදි ප්‍රමාණයන්ගෙන් සහ හොඳ තත්ත්වයේ පවතින බව සහතික කිරීම.

භාණ්ඩ බෙදා හැරීමේ ඉන්වොයිසයන් නිවැරදි ලෙස ලබා දීම හා එකතු කර ගැනීම.

අලෙවි සම්බන්ධිකාරක හෝ ගිණුම්කරුට දිනයට අදාල විකුණුම් මුදල් භාර දීම.

ආරක්ෂක නිලධාරීන්ගේ අවසරය ඇතිව ඉතිරි තොග නැවත ගබඩාවට ලබා දීම සහ දිනයට අදාළ ලියකියවිලි අලෙවි සම්බන්ධීකාරක වෙත භාර දීම.

අලෙවිසැල් ප්‍රදර්ශන සහ වෙළඳ කටයුතු සඳහා සහාය වීම.

ප්‍රචාරණ ක්‍රියාකාරකම් සහ ප්‍රචාරණ වැඩසටහන් සඳහා සහයෝගය ලබා දීම.

අප සොයන නිවැරදි පුද්ගලයා ඔබ නම්, රැකියා පළපුරුද්ද පිළිබඳ ඔප්පු කළ වාර්තාවක් සහිත වත්මන් සහ පෙර රැකියාවේ නිලධාරීන් දෙදෙනෙකුගේ සම්බන්ධතා තොරතුරු ඇතුළුව ඔබගේ ජීව දත්ත මෙම දැන්වීම් නිකුත් කර දින 7ක් අපට එවන්න careers.iws@dynanet.lk. කරුණාකර ” බෙදා හැරීමේ සහයක ” ලෙස අයදුම් කළ තනතුර සඳහන් කරන්න.

කළමනාකරු – මානව සම්පත් අංශය IWS Holdings (Private) Limited

IWS මධ්‍යස්ථානය: 451 නුවර පාර, කැලණිය.

දුරකථන: 011 5394240

විද්‍යුත් තැපෑල careers.iws@dynanet.lk

໑໑໖ ໖໖໖: www.iwsholdings.com

An IWS Holdings Company

Photos